නල්ලතන්නිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

මස්කෙලිය ශ්‍රිපාද නල්ලතන්නිය මාර්ගයට අද (03) උදැසන පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇන හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
එම මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමඟ ෆයිනස් ගස් කිහිපයක් කඩා වැටි ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ෆයිනස් ගස් ඉවත්කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් සහ මවුස්සාකැලේයුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් පියවර ගෙන ඇත.



