පැතුම් කර්නර් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට

සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස අද (04) අධිකරණය නියෝග කළා.
ඒ ඔහුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 13 වනදා පැවැති විරෝධතාවයන් අතරතුර දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙය වූ බවට චෝදනා මත පසුගියදා කොළඹ අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබුණා.
පැතුම් කර්නර් සමාජ මාධ්‍ය ඔස්සේ මහජන අරගලය ආරම්භ කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ පුද්ගලයෙකු ද වෙනවා.

