අරගලබිමට සමුදුන් අරගලකරුවන් (Photos)

ගාලුමුවදොර අරගලයට අදට දින 119 ක් වනවා. අරගලකරුවන්ට අද පස්වරු 5 ට පෙර එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට මීට පෙර දෙනුම් දී තිබුණා
ඒ අනුව ඊයේ මෙන්ම අද පෙරවරුවේත් පිරිසක් සිය කූඩාරම් ගලවා එම ස්ථානයෙන් පිටව ගියා. අරගල භූමියේ ඉදිකර තිබූ ගෝඨාගෝගම පාසල සහ පුස්තකාලය ද ඉවත් කර ගැණුනා. එමෙන්ම කූඩාරම් කිහිපයක සිටි පිරිස් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර තවත් පිරිසක් මෙහි තවදුරටත් රැදී සිටිනවා.
ගාලුමුවදොර අරගලභූමියේ මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කෙරුණා. මහාසංඝරත්නය මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙත්සමට අත්සන් තැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදීම සදහායි මෙම පෙත්සමට අත්සන් තැබීම ආරම්භ කෙරුණේ.මර්දනයට විරෝධය පල කරමින් පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපෘතීය ආරම්භ කළ බව එම අවස්ථාවට එක් වූ පිරිස කියා සිටියා.
මේ අතර නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (5) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
කෙසේවෙතත් අදාළ කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බවද අධිකරණය ප්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය වැඩි දුරටත් දැනුම්දී තිබුණා.









