බත් පැකට්ටුවේ සහ තේ කෝප්පයේ මිල අඩුවන ලකුණු

ලබන සඳුදායින් පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩුවී ඇති බවත්, ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිතව පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.
ඔහු ප්‍රකාශ කළේ, වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍යවල තොග මිල පහත යාම, ගමට ද රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ය.
පිටකොටුවේ රු. 270කට අලෙවි වන සීනි කිලෝවක් කොළඹින් පිට අලෙවි වන්නේ රු. 350කට හෝ ඊට වැඩි මුදලකට බව ඔහු පෙන්වා දුන්නේ ය.
“අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා පාරිභෝගිකයා ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් හදන්න. ඒ සඳහා අපි උදව් කරනවා. යනුවෙන් වැඩි දුරටත් පැවසීය.

