අද සිට බදාදා දක්වා පැයක විදුලි කප්පාදුවක් – විදුලි බිලත් ඉහළ යන ලකුණු?

අද සිට බදාදා දක්වා පැයක විදුලි කප්පාදුවක් – විදුලි බිලත් ඉහළ යන ලකුණු?

අද (08) සිට බදාදා (10) දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව සාකච්ඡාවක් අද (08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.