ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් අද

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් අද

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද (08) දිනය තුළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යැවීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා.

කෙසේ වෙතත් ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත්ව මේ මස 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අද දිනය තුළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.