ගෑස් මිල බස්සයි ?

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩුවිය හැකි බව ලිට්රෝ සමාගම පවසනවා.
ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්රෝ ගෑස්වල මිල ගණන් රුපියල් 200ත් 300ත් අතර අගයකින් අඩු විය හැකි බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ පිළිබඳ අවසන් අනුමැතිය අද ලැබීමට නියමිතයි.
ඒ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නිසාවෙන්.
ලිට්රෝ සමාගම සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ සිට සමාගම ලාභ ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කළ බවයි.

