ගෝඨා තවත් 14ක් ඉල්ලයි

ගෝඨා තවත් 14ක් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වේ.

මූලික සංචාරක ‘වීසා’ කාලය අවසන් වීමත් සමඟ පසුගිය මාසයේ 27 වැනිදා සිංගප්පූරු බලධාරීන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක රැඳීසිටීමේ දිගුවක් ලැබුණු අතර, එම දීර්ඝ කිරීමේ කාලය මේ සතියෙන් (අගෝස්තු 11) අවසන් වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටීමේ දිගුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ නිල මැදිහත්වීමක් සිදුනොවන බව පැවසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අගමැති කාර්යාලය විසින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳීසිටීම සම්බන්ධයෙන් සොයාබලන බව වාර්තා සඳහන් කරයි.

https://bit.ly/3BTAy9b