දළදා මාලිගාවේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ (video)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ (7) වීථි සංචාරය කළා.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වැඩම කරවූ අතර දෑල ගමන් කරේ මියන්රාජා සහ බුරුමරාජා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.24ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කළා.
අද (08) දෙවන රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.




