පොදුරද මඬුලු ක්‍රීඩා උලළේ ලංකාවට අභිමානයක් ගෙනා නෙත්මි අහිංසා දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොටගේ අද (08) අලුයම දිවයිනට පැමිණියා.
අද අලුයම 3.35 ට පමණ අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.
ඇයව ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අතර, එම අවස්ථාවට නෙත්මි අහිංසාගේ පියා, මව, නැගණිය ඇතුලු පවුලේ ඥාතීන් ද එක්ව සිටි බවට වාර්තා වෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී 18 හැවිරිදි නෙත්මි අහිංසා ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ප්‍රබල ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්.
එම පදක්කම පොදුරද මඬුලු ක්‍රීඩා උලෙළක මල්ලව පොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කම ලෙස ද ඉතිහාසයට එක් වුණා.

