ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මාධ්‍ය හමුවක් කැඳවමින් නව මිල ගණන් නිවේදනය කළා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4.664ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,872ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල රුපියල් රුපියල් 869ක්.

