රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පුරවැසි ආඥාවක්

රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පුරවැසි ආඥාවක්

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ (09) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය.

ආණ්ඩුව මර්දනයක් ක්‍රියාත්මත කරන බවට චෝදනා කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් එය ආරම්භ කර තිබුණි.

එම පාගමන නිදහස් චතුරස්‍රය දක්වා පැමිණ පුරවැසි ආඥාවක්ද නිකුත් කිරීමට කටයුතු කර තිබුණි. අනතුරුව එහිදී සමුළුවක් පැවැත්වුණි.

මේ අතර වහාම මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර ඩී.එස්. වටරවුම අසලදී ඊයේ විරෝධතාවක් පවත්වා තිබුණා.

“රාජ්‍ය මර්දනය නවතනු – හදිසි නීතිය අහෝසි කරනු” යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ දහවල් පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුම අසල නිහඬ විරෝධතාවයක නිරත වුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්වී සිටි අතර, පිරිස පැය භාගයක් පමණ විරෝධතාවයේ නිරත වීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගීවීමට පිටව ගොස් තිබෙනවා.