2022 උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම නොසලකා හරී

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ 80% පැමිණීම නොසලකා හැරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව පැවසීය.
ඒ අනුව, ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව එහි සඳහන් කර ඇත.
තව අද උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වා දුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරට ත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා 2017 වර්ෂයේ සිට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක විය.
මේ අතර, අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2019/2020 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය අගෝ. 8 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.

