චීන නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර දෙයි

ආන්දෝලනයට තුඩු දුන් චීනයේ Yuan Wang 5 පර්යේෂණ නෞකාවට ලබන 16 වන දා හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දීමට විදේශ අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන 16 වන දා අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණීමට සහ ලබන 22 වන දා දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හාබර් මාස්ටර්වරයා වෙත දැනුම් දෙනු ලැබ ඇත.
Yuan Wang 5 නෞකාව තම පර්යේෂණ අවශ්‍යතාව සඳහා පැමිණෙන බව ත් එය කිසිවිටක නතර නොකරන බව එරට මාධ්‍ය වර්තා කරන පසුබිමක මේ නෞකාවට දැඩි විරෝධයක් හා ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑ ම ආරක්ෂක පියවරක් ගැනීම සඳහා ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

