වන අලි කරදරෙන් මිදෙන්න මිනිස්සු ගමක් අතහැර යයි

බලන්ගොඩ ගොඩකුඔුර ග්‍රාම සේවා වසමේ නැදුන්ගමුව ගමිමානයේ ජනතාව දිර්ඝ කාලයකට සිට වනඅලි ගැටලුවකට මුහුණ පා සිටිනවා.
නැදුන්ගමුව ගම්වාසීන් පවසන්නේ පවතින වනඅලි ගැටලුව හේතුවෙන් එම ගමිමානයේ නිවාස හයක ජනතාව නිවෙස් අතහැර දමා වෙනත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචියට ගොස් ඇති බවයි.
නැදුන්ගමුව ගම්වැසියන් විසින් වගා කර ඇති ගොඩ-මඩ වගා රැසක් ම වන අලි විසින් විනාශ කර දමා තිබෙනවා.
මේ අතර ගම්වාසීන් විසින් විශාල වියදමක් දරා වගා කළ කුඔුරැ වගාවන් සහ පොල් වගාවන් රැසකට වන අලීන් විසින් හානි කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.
නැදුන්ගමුව ගම්වාසීන් පවසන්නේ, පවතින වන අලි තර්ජන සමිබන්දයෙන් වනජිිවි නිළධාරින් ඇතුළු අදාල බලධාරින් දිගින් දිගට ම දැනුවත් කල ද ඒ සදහා නිසි විසදුමක් මෙතෙක් ලැබි නොමැති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන්, මාර්ගවල ගමන් කිරිම මෙන් ම නිවෙස්වල ගත කිරිමද දැඩි අවදානම් බවයි ගම්වාසීන් පවසන්නේ.

