හිටපු සුපිරි තරු එකිනෙක ගැටෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙන දිනය

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව ප්‍රදර්ශනාත්මක විස්සයි 20 තරඟයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දිය මහාරාජාස් කණ්ඩායම සහ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ලෝක කණ්ඩායම අතරය.
එම තරඟය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඉන්දියාවේ 75 වන නිදහස් සැමරුම වෙනුවෙනි.
මෙම ප්‍රදර්ශනාත්මක තරඟය සැප්තැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගයේ දී ඉන්දීය කණ්ඩායමට හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි නායකත්වය ලබාදීමට නියමිත නියමිත අතර ලෝක කණ්ඩායම එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් විසින් මෙහෙයවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය හා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තායියා මුරලිදරන් ද එක්වීමට නියමිතය.
මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

