කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට (video)

කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට (video)

කාන්තාවක් විසින් එල්ල කළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් ධාවනය වන බස් රථයකින් එළියට ඇද වැටුණු පුවතක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, මහනුවර – කොළඹ මඟී ප්‍රවාහන බස් රථයක සේවයේ නිරත කොන්දොස්තරවරයෙක්.

අදාළ කාන්තාව කිරිබත්ගොඩ ආසන්නයෙන් බස් රථයට නැඟ ඇති අතර, එහි දී කොන්දොස්තරවරයා කිහිප වතාවක් ම ප්‍රවේශපත්‍රය ලබාගන්නා ලෙස ඇයට දැනුම් දුන් බව සඳහන්.

එයට උරණ වීමෙනු යි අදාළ කාන්තාව කඩවත නගරය ආසන්නයේ දී පා පුවරුවේ සිටි කොන්දොස්තරවරයාට පා පහරක් එල්ළ කර ඇත්තේ.

අනපේක්ෂිත මොහොතක එල්ල වූ පා පහරත් සමඟ කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් ඉවතට ඇදවැටුණු බව එම අවස්ථාවේ බස් රථයේ ගමන්කළ මඟීන් පවසනවා.

අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරු ව කළහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළ මඟී කාන්තාව බස් රථයේ සිටි සෙසු මඟීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බව ද සඳහන්.

වැඩිදුර විමර්ශනවළින් අනතුරුව පහරදීම සිදුකළ කාන්තාව රාගම රෝහලේ මානසික වෛද්‍ය ඒකකය වෙත යොමුකර තිබේ.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.