මහනුවර කෝටිපති කාන්තාවක් ඝාතනය කෙරේ

මහනුවර කෝටිපති කාන්තාවක් ඝාතනය කෙරේ

මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

එසේ ඝාතනය වී ඇත්තේ කමනී රණසිංහ (65) නමැති කාන්තාවක බවද පොලිසිය කියයි.

එම කාන්තාව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කොට විශ්‍රාම ලබා තනිව ජීවත්ව ඇති අතර සුවිසල් නිවස අසල කඩ සාප්පු විශාල ප්‍රමාණයක් කුලියට දී ඇති බව පොලිසිය සඳහන් කරයි .

කාන්තාවගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනකු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දේපොළ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන පොලීසිය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් විමර්ශනයක් සිදු කෙරේ.