ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා වන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලීමට තීරණය කර තිබෙනවා.

අද (15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමක දී යි මෙම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ.

හිටපු ක්‍රිකට් නායක, ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති අර්ජුන රණතුංග විසින් පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව, ද්වේශසහගත චේතනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්ති නාමයට හානි කිරීමට අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා කිරීම සහ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යන කරුණු පදනම් කරගෙනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අර්ජුණ රණතුංගට එරෙහිව නීති ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහුගේ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට වන ලද හානිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ශ්‍රී ලංකා විධායක කමිටු සාමාජිකයින් විසින් ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS