හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා නැමැත්තාව බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
තවත් අපරාධ ක්‍රියාවක් සිදු කිරීම සඳහා හරක් කටාගේ කොන්ත්‍රාත්තුවක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී ඊයේ (14) දිනයේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

