අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම අධිකරණය ඉවත දමයි

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම අධිකරණය ඉවත දමයි

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කේලී ෆ්‍රේසර් (Kayleigh Fraser) නමැත්තිය විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා එම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාරිය මීට පෙර සඳහන් කර ඇත්තේ, තමා ගාලු මුවදොර පැවැති ‘ගෝඨාගෝගම’ අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බව ත් පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ බව ත් ය.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කර එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

COMMENTS