රාජ්‍ය ආයතනවල ලොකු පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි

රාජ්‍ය ආයතනවල ලොකු පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා .

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරනු ලබනවා

කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින්ව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.