FIFA ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් කරයි

FIFA ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් කරයි

තුන්වන පාර්ශ්වයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉන්දීය පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ පරිදි නොපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගියදා ඉන්දියාවේ අධිකරණය විසින් සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය විසුරුවා හැර ඒ සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද නියෝග කර තිබුණා.

https://bit.ly/3w7HGL9