උද්ධමනය ඉදිරියේදී අඩුවිය හැකියි – මහ බැංකු අධිපති

උද්ධමනය ඉදිරියේදී අඩුවිය හැකියි – මහ බැංකු අධිපති

පසුගිය අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඉදිරියේ දී උද්ධමනය ද අඩු වෙතැයි බලාපොරොත්තු වන බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

මේ අතර, ජනතාව සතු ව ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් 15 වැනි දා දක්වා එම පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් බලය ලත් වෙළෙන්දෙකුට විකිණීමට හෝ අදාළ ගිණුමකට තැන්පත් කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

මේ අතර, ඊයේ (17) රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොලී අනුපාත නො වෙනස් ව පවත්වාගෙන යාමට යි.