දරුවන්ට වෙන බලපෑම් ගැන කියන්න දුරකථන අංකයක්

දරුවන්ට වෙන බලපෑම් ගැන කියන්න දුරකථන අංකයක්

අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික ක්‍රිියාකාරකම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් පිළිබද තොරතුරු 1929 අංකය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දෙන ලෙස එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ දරුවන් ස්මාර්ට් ජංගම දුරකතනය සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කරන අතර විවිධ පුද්ගලයන් දරුවන් අපචාර ක්‍රියා සදහා යොදා ගැනීමේ සිද්ධීන් මේ දිනවල බහුලව වාර්තා වී ඇති බවයි ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.