ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී පැවැත්වෙන 15 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායක දසුන් ශානක හට හිමි වී තිබෙන අතර උපනායකත්වය චරිත් අසලංක හට හිමිව තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම මෙම සංචිතය සමන්විතයි. කෙසේ නමුත් අන් රටවල් සියල්ලම මේ වන විට ආසියානු කුසලාන සඳහා වන සිය සංචිත නිවේදනය කර අවසන්.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරඟ වදින ශ්‍රී ලංකා සංචිතය පහතින්,

  1. Dasun Shanaka (Capt)
  2. Dhanushka Gunathilak
  3. Pathum Nissanka
  4. Kusal Mendis (WK)
  5. Charith Asalanka (VC)
  6. Banuka Rajapaksha (WK)
  7. Ashen Bandara
  8. Dhananjaya de Silva
  9. Wanidu Hasaranga
  10. Mahesh Theekshana
  11. Jeffery Vandersay
  12. Praveen Jayawickrema
  13. Dushmantha Chameera
  14. Binura Fernando
  15. Chamika Karunaratne
  16. Dilshan Madushanka
  17. Matheesha Pathirana
  18. Dinesh Chandimal (WK)
  19. Nuwanindu Fernando
  20. Kasun Rajitha