බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට

බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර බ්‍රැඩ්බි තරගාවලියේ පළමු අධියරේ ජයග්‍රහණයට රාජකීයයන්ට

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 76 වැනි වරටත් පැවැත්වෙන බ්‍රැඩ්බි ශූරතා රග්බි තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය සතු වුණා.

ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 29ට 0ක් ලෙස පරාජය කරමින්.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට රාජකීය කණ්ඩායම ලකුණු 10ක් රැස් කර ගත්තේ එක් ගෝල දිනුමක සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.

එම භාගයේදී ත්‍රිත්ව විද්‍යාලයේ කණ්ඩායමට කිසිදු ලකුනක් රැස් කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ, ත්‍රිත්ව විද්‍යාලයට ගෝල සීමාව ආසන්නයේ ම ලද පහසු දඬුවම් පහර අවස්ථා දෙකක් මගහැරී ගියා.

තරඟයේ දෙවැනි භාගයේ දී වඩාත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව තවත් උත්සාහක දිනුම් තුනක් තුනක් වාර්තා කර ගන්නට සමත් වුණා.

ඒ අතරින් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්තනයන් ද සාර්ථක කර ගත්තේ ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ දමා ගනිමින්.

මේ අනුව බ්‍රැඩ්බි තරගාවලියේ පළමු අදියරයේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය සතු කර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 29ට 0 ලෙසින් පරාජය කරමින්.

COMMENTS