ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලංකාවෙත් වැඩ පටන්ගනී

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලංකාවෙත් වැඩ පටන්ගනී

ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හයුන්ඩායි මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ එකලස්කිරීම වෙනුවෙන් අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

මේ අනුව හයුන්ඩායි මෝටර් රථ සහ උපාංග ශ්‍රී ලංකාවේ එකලස් කර නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට අවසර ලැබී තිබේ.

හයුන්ඩායි කොරියාවේ මෝටර් රථ නිෂ්පාදකයෙක් වන අතර එම රථ ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන්නේ අබාන්ස් ඔටෝ සමාගමයි.

එම මෝටර් රථ ලංකාවේ එකලස්කිරීම වෙනුවෙන් 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.

Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස්කිරීමේ කම්හල්පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්‍රියාත්මක වේ.

මෙම මෝටර් රථ එකලස්කිරීමට අවශ්‍ය උපාංග කිහිපයක්ද ලංකාවේ නිශ්පාදනය කිරීමට නියමිතය.