සපුගස්කන්ද යළි වැඩ පටන්ගනී

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ පිරිපහදුව සඳහා බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් නිදහස් කර ඇති බවයි.
මෙට්‍රික් ටොන් 12000ක් රැගත් තවත් බොරතෙල් නෞකාවක් ලබන සතියේ පැමිණෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.
මෙම ඉන්ධන තොග සමඟ ඉන්ධන පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවයෙන් දින 40ක් දක්වා මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ගුවන්යානා සඳහා ඉන්ධන අද රාත්‍රියේ සිට නිදහස් කෙරෙන බව ද ඔහු කියාසිටියා.


