වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අත්සන් කරන්න එපා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මේරි ලෝලර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇය ට්විටර් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර සිටියි,
මානව හිමිකම් ආරක්ෂකයින් වන වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිදම්ම හිමි ශ්‍රී ලංකා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. ඔවුන්ගේ රැඳවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස මම ජනාධිපති රනිල්ගෙන් ඉල්ලා සිටිමි, එසේ කිරීම ලංකාවට අඳුරු දිනයක් වනු ඇත. යනුවෙන් නිවේදනය කර තිබුණා.


