ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැරේ

ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැරේ

අධිකරණයට භාරවීමෙන් අනතුරුව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇප මත මුදාහැර තිබෙනවා.

පසුගිය ජූලි මස 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අද නීතීඥවරයෙකු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරුණේ.

කෙසේ වෙතත් පසුගිය 18 වනදා පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පලායාම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පරීක්ෂණයක් සිදුකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා.