ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය හැකියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය හැකියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යන බව අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස තමන් ශ්‍රී ලංකා රජය දිරිමත් කරන බවයි.

කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව අද (22) පස්වරුවේ ප්‍රකාශ කළා.