සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පියවර

මෙරට සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අනුව අදාළ කාලවකවානුව තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත කළ හොත් ඒ විවෘත වීම සිදු වන්නේ වසර දෙකකට වැඩි කාල සීමාවකට පසුව වීම විශේෂත්වයක්.
කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු මෙරට විශ්ව විද්‍යාල තවමත් පූර්ණ වශයෙන් විවෘත නො වූ අතර මාර්ගගත ක්‍රමවේදය හරහා විශ්වවිද්‍යාවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු මේ වන විට සිද්ධ වෙනවා.
මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු සිදු වන්නේ පූර්ණ ශිෂ්‍ය ධාරිතාවයෙන් යුතුව නොවන අතර සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගනිමිනුයි අධ්‍යන කටයුතු සිද්ධ වෙන්නේ,
පසුගිය දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබූ අතර එහි වූ එක් ඉල්ලීමක් වූයේ විශ්වවිද්‍යාල විවෘත කොට නැවත අධ්‍යන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත කරන ලෙසයි.

