අනුමැතියක් නැති ව්‍යාපාරවලට තෙල් දෙන්නේ නෑ – ඇමති කංචන

කිසිදු අනුමැතියක් නොමැති සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන ව්‍යාපාර සඳහා සිපෙට්කෝ වෙතින් තෙල් නිකුත් නො කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ඔහු පෙන්වා දෙන්නේ, ව්‍යාපාර 2100කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ම ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කර ඇති බව ත් ඒවා බහුතරයක් අනුමැතියකින් තොරව ස්ථාපනය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට නිරීක්ෂණය වී ඇති බව ත් ය.
මේ අතර, මේ වන විට ආයතන 1250කටත් වඩා වැඩි ගණනකට ඉන්ධන බෙදා හැරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.


