අයවැයෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

අයවැයෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙළ යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි.

ලබන 30 වැනි දා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිප දෙනෙකු ද ඇතුළත් වනු ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

COMMENTS