අරගලයේ දෙවැනි රැල්ල ගැන පොලීසිය සීරුවෙන්

ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ඊයේ (24) “අරගල ජාතික මධ්‍යස්ථානය” නමින් සංවිධානයක් පිහිටුවා ගැනිණි. රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල නමින් එහි සමාරම්භක අවස්ථාව කොළඹ වොක්ෂෝල් වීදියේ ස්ථානයකදී පැවැත්විණි.
මෙම සංවිධානය සම්බන්ධයෙන් සහ අරගලයේ දෙවැනි රැල්ල සම්බන්ධයෙන් පොලීසිය හරහා විශේෂ විමර්ශනද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ මධ්‍යම කොටඨාසයේ උසස් නිළධාරීන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙන්නේ අදාල සංවිධානයේ ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි. බුද්ධි නිළධාරීන් හරහා විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා තිබෙනවා.
මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපියේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් තෙන්නකෝන් මහතා දැනුම් දී ඇත.
මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

