කෝලිට ආසියානු කුසලාන තරඟාවලිය අහිමිවෙයි

අතෙහි මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට
තීරණය කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ , ඔහු වෙනුවෙන් ඉන්දීය කණ්ඩා යමට ෂුබ්මාන්ගිල් කැඳවීමට නියමිත බවය.
මේ අතර වේග පන්දු යවන දුෂ්මන්ත චමීර, පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරුණා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගියා.
නායක දසුන් ශානක තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවසුවේ ඕනෑම ජාත්‍යන්තර තරගාවලියක් අභියෝගයක් වුවද මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් බවයි.

