බෙල්ලන්විල පෙරහැර සඳහා විශේෂ රථවාහන සැලැස්මක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් අද (26) සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක් ක්රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
ඒ අනුව පාවඩ පෙරහර වීථි සංචාරය කරන අද දිනයේ රාත්රි හතේ සිට හෙට අලුයම එක දක්වා මහරගම – දෙහිවල බස් මාර්ගය බොරලැස්ගමුව නගරයෙන් සහ බෙල්ලන්තොට හන්දියෙන් ගමනාගමනය සීමාවනවා.
මේ හේතුවෙන් මහරගම – පිළියන්දල කොළඹ දෙස සිට දෙහිවලට ගමන් ගන්නා රථවාහන පැපිලියාන මංසන්ධියෙන් වමට හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කළ යුතු යි.
රන්දෝලි පෙරහැර පැවැත්වෙන හෙට දිනයේ රාත්රි අටේ සිට අලුයම තුන දක්වා බොරලැස්ගමුව, බෙල්ලන්තොට හන්දිය, ඇන්ඩර්සන් පාර, පැපිලියාන මංසන්ධිය යන ස්ථානවලින් ද වාහන ගමනාගමනය සීමා වන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

