යුරෝපා රටවල් තුනක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කරයි

යුරෝපා රටවල් තුනක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කරයි

ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට එම රටවල් පියවර ගෙන තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ බව සඳහන් කර ඇත.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඉන්දියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව ඔවුන් ඉන්දීය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ඕනෑ ම අත්‍යවශ්‍ය ගමනක් සඳහා යෑමට පෙර මුදල් හුවමාරු කටයුතු, සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කරන ලෙසයි.