ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීමට ජපානයෙන් සැලසුමක්

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීමේ අරමුණින් ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙම සමුළුව සංවිධානය කිරීමේ අරමුණ, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ණය ලබා දී ඇති පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම බව රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය අපහැදිලි බව ද රොයිටර් පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

