ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවතට

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවතට

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ගොවිජන බැංකු මගින් ගොවීන්ට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් අමාත්‍යවරයාට මෙම කරුණු දැක්වීම කර ඇත.