නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට

නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරය අවම ලංසුවට

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීමට පළ කර තිබූ ටෙන්ඩරය මගින් අවම ලංසු ඉදිරිපත් කර තිබූ සමාගමට එම කොන්ත්‍රාත්තුව ප්‍රධානය කර බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව තාක්ෂණික සහ ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවල නිරිදේශ මත එය සිදු කළ බවයි.

මෙම ඇනවුම සඳහා මාස 6ක ණය සහන කාලයක් හිමිවනවා.

මේ අතර, පුනර්ජනනීය ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ පවතින ගැටලු නිරාකරණය කිරීමට විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට එක්ව කටයුතු කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.