සියලුම ඉන්ධන අතිරේක තොග බෙදා හැරේ

සියලුම ඉන්ධන අතිරේක තොග බෙදා හැරේ

සියලුම ඉන්ධන වර්ගවල අතිරේක තොග ඉදිරි දින 03 තුළ බෙදාහැරීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන බෙදාහැරීම සමාලෝචනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදුකරන ලෙසය.

මේ නිසා ඉදිරි දින දෙක තුළ ක්‍රමානුකුලව පවතින ඉන්ධන පෝලීම් අඩුවනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ අතර සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් මේ වනවිට ගොඩබා ඇති අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබෑමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඊට අමතරව අද රාත්‍රියේ තවත් මෙට්‍රික් ටොන් 37,000ක පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත බවද වාර්තා විය.

COMMENTS