චීන තානාපතිට ඉන්දියාවෙන් සැර ප්‍රකාශයක්

චීන තානාපතිට ඉන්දියාවෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම කඩ කර ඇති බව බවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කරයි.

“චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ගැන අප අවධානය යොමු කර ඇත්තෙමු. තානාපතිවරයා මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීම ඔහුගේ පුද්ගලික ලක්ෂණයක් හෝ ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකියැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත්කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ උතුරු අසල්වැසියා පිළිබඳ ඔහුගේ දැක්ම ඔහුගේම රට හැසිරෙන ආකාරය අනුව පැහැදිලිවේ. නමුත් අපට පැහැදිලිව කිව යුතුයි එය ඔහු කියන ආකාරයට වඩා බෙහෙවින් වෙනස්බව. ඔහු විසින් කියනු ලබන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක සංචාරයට භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීම ප්‍රතිලාභයක්” යැයි එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහය මිස වෙනත් රටක න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා අනවශ්‍ය බලපෑම් නොවන බව එහි සදහන්ව ඇත.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙම ට්විටර් පණිවුඩය නිකුත්කර ඇත්තේ චීන තානාපති කාර්යාලය විසින් යුවාන් වැන්ග් නෞකාව පිලිබදව නිකුත්කර තිබු ට්විටර් පණිවුඩයකට පිළිතුරු වශයෙනි.