පේරාදෙණිය පාලමෙන් මහවැළි ගඟට පැන්න තරුණයකු සොයා මෙහෙයුම්

මහනුවර – පේරාදෙණිය නගරයේ පාලම මතින් මහවැලි ගඟට පැන තරුණයකු අතුරුදන් ව ඇති බව වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ, එම පුද්ගලයා ගඟට පනින ලද ස්ථානයේ තිබී ගමන් මල්ලක් ද හමු වූ බව යි.
එහි තිබී ජාතික හැඳුනුම්පතක්, විශ්වවිද්‍යාල හැඳුනුම්පතක්, ලැප්ටොල් එකක්, බැංකු කාඩ් පත් 2ක්, විභාග ප්‍රවේශ පත්‍රයක්, මුදල් පසුම්බියක් හා පාවහන් යුගළක් සොයාගෙන ඇති බව සඳහන්.
මෙලෙස ගඟට පැන ඇත්තේ, බුළුගහපිටිය – ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන අයෙකු බවට යි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ආරංචි මාර්ග පවසන්නේ, මොහු පේරාදෙණි විද්වවිද්යාලයයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසර සිසුවකු බව යි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින්, නාවික හමුදා ජීවිතාක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරත ව සිටින බව වාර්තා වන අතර, පේරාදෙණි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

