අරගලකරුවන් හෙට කොළඹට

අරගලකරුවන් හෙට කොළඹට

අරගලකරුවන් කොළඹට හෙට (30) දිනයේ යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.

හෙට දිනයේ කොළඹට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත් තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ.

මේ අවස්ථාවේ දී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.