බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් උසස් පෙළ ඉහළින්ම සමත්

2021 වර්ෂයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත් වන ලද අ:පො:ස (උ:පෙළ) විභාගය සඳහා නව මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේ රැදවියන් තිදෙනෙකු පෙනී සිටියා.
එලෙස විභාගයට පෙනී සිටි රැඳවියන් අතරින් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ එල්.ටී.ටී.ඊ රැඳවියෙකු විසින් විභාගයට පෙනී සිටි රැඳවියන්ගෙන් ඉහළම ප්‍රතිඵලය ලබා ගත් තැනත්තා බවට පත් වුණා.
ඒ අනුව ඔහු කලා විෂය ධාරාවෙන්, උසස් පෙළට පෙනී සිට භුගෝල විද්‍යාව විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ද, හින්දු ශිෂ්ඨාචාරය විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ද හා දමිළ භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ද වශයෙන් ලබා ගන්නට සමත් වුණා.
මේ අතර තවත් විභාග අපේක්ෂකයෙකු වූ බන්ධනාගාර රැඳවියෙක් එම විභාගයේ දී ම, දේශපාලන විද්‍යාව විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක්, බෞද්ධ ශිෂ්ඨාචාරය විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහ සිංහල විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් බැගින් ද ලබා ගෙන තිබුණා.

