IMF හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහය දෙගුණ කරනවා – ජූලි චංග්

IMF හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහය දෙගුණ කරනවා – ජූලි චංග්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍යකරණය, ගොවීන් සඳහා පොහොර හා බීජ, අධ්‍යාපන හුවමාරුව හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා පුහුණුව වැනි අඛණ්ඩ ප්‍රයත්නයන් හරහා අමෙරිකා එක්සත් ජනපදය ලංකාවට ලබා දෙන සහය තවදුරටත් දෙගුණ කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

ඇය සඳහන් කළේ, එකඟතාවයකට පැමිණිය හැකි නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ද ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව ය.

ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ මාවතකට නැවත පැමිණීම සහතික කිරීම සඳහා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ව්‍යාපාරවලට සහයෝගයෙන් ක්‍රියා කළ හැකි ක්‍රම පිළිබඳව අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ඇය සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳාම දැනටමත් එක්සත් ජනපදයට අපනයන සපයන ශ්‍රමිකයින් 180,000කට වඩා වැඩි පිරිසකට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනින් දායක වන බව ය.