ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට (01) දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
රොයිටර්ස් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ, දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 3ක් ඉල්ලා සිටින බවයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර යම් එකඟතාවක් ඇති වී තිබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අද කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවතෙන සාකච්ඡා යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද පවසා සිටියා.

