ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළදමා ඇෆ්ගනිස්ථානය සුපිරි වටයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී ඛාණ්ඩය යටතේ ඊයේ (30) පැවැති තරගයේ බංගලාදේශය පරාජයට පත් කරමින් කඩුළු 7කින් තරඟය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහරදුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් විය.
ඉන් අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 131ක් රැස්කර ගෙන තරඟයේ ජය වාර්තා කළේය.
ඒ අනුව බී ඛාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 4ක් හිමිකර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කිසිදු ප්‍රසාද ලකුණක් මෙතෙක් හිමිකර ගෙන නොමැත.

